මගේ Primary OS එක දවසින් දවස වෙනස් වෙනව, මාස දෙකකට විතර කලින් උබුන්ටු. ඒක මාසයක් විතර පාවිච්චි කරල දැම්ම මැක්.
දැම්ම කිව්වට, මැක් එකක් හම්බ උන නිසා දැම්මෙ. මගෙ AMD Processor එකක් තියෙන්නෙ, AMD එක්ක Mac පොඩ්ඩක් අවුල.
ටික කාලයකට කලිනුත් දාන්න හදල ඒ project එක අසාර්ථක උනා. :| ඒකෙ DVD එක තිළිණ බුවා අරන් ගිහින් මිනිහ නම් දාගෙන හොඳට වැඩ කලා (එයා Intel). :(

කොහොම හරි ආපහු මැක් දාන්න හිතුනෙ නිශාන් කියල මගෙ යාළුවෙක් මැක් දාපු නිසා. මිනිහ මැක් OS එක, Adobe CS 4 Master Collection එක, Ms Office 2008, තව අනංමනං ගොඩක් download කරල තිබ්බෙ. (inlove)

මමත් ඉතින් ඕනෙ මගුලක් වෙච්ච දෙන් කියල නිශානයටම කිව්ව ඇවිල්ල දාල දෙන්න කියලා (කලිනුත් කෙල උන නිසා). දැම්ම, ඉන්ස්ටෝලුත් උනා කියමුකෝ, බූට් වෙන්නෙ නෑ. අපහු දැම්ම, Same. (envy)  ඕනෙ මගුලක් කරගනින් කියල නිශානය DVD එකක් copy කරල දීල යන්න ගියා.   Settings වෙනස් කර කර දෙතුන් පාරක්ම දැම්ම. අන්තිමට ගොඩ. ඒ පාර Key Board වැඩ නෑ.  බලද්දි USB ඕනෙලු, PS/2 not supported ලු. (headbang)

තියාගනිං කියල අල්ලා දැම්ම වැඩේ. ඒ උනත් හිතට හරි මදි. සතියකට විතර පස්සෙ වෙන යාලුව්ක්ගෙන් Key Board එකක් ඉල්ලන් අවිත් දැම්ම අපහු මැක්. ගොඩේ ගොඩ. එලටම වැඩ. Unity ගිහින් ගෙනාව USB Key Board එකක්. අම්බෝ යන්තම් හරි. (whew)
දාල බූට් කරපුවහම මෙන්න මෙහෙම ආපු Desktop එක මේං..

Apple Mac 10.5.7

click to zoom

මේ මැක් ගැන කියනව නම්, මේක හැකින්ටොෂ් එකක්. (හැක්න්ටොෂ් ??) iATKOS තමයි මේක release කරන්නෙ. RS, torrents තියෙනව, බාගන්න පුලුවන්. දැනට තියෙන අලුත්ම හැකින්ටොෂ් version එක 10.5.7, මේක ලෙපර්ඩ් (Leopard) එකක්. අලුත්ම එක වන Snow Leopard වලට තවම Hackintosh නෑ.. (shake)
හොරෙන් මැක් දාගත්ත මදිවට ලෝකෙම තියෙන මැක් software ටිකත් download කර කර දාල බලනවා. අපි මෙහෙම හිටියට හොඳ හොරු. (bandit)
මේක සෙට් වෙන්න ගොඩක්ම හේතු උනේ ලිනක්ස් වලට විතර සමාන වීම. ෆයිල් සිස්ටම් එකත් සෑහෙන දුරට ලිනක්ස් වලට සමානයි
Ubuntu වල /dev/hda1 වගේ මේකෙ තියෙන්නෙ /Volumes/drive_name
User folder එක /user_name වෙනුවට /Users/user_name

File System of Leopard

click to zoom

දැන් මැක් පාවිච්චි කරන්න අරං මාසයක් විතර ඇති. දැනට නම් එලටම සෙට් වෙනවා. මේක Adobe Support කරන Linux එකක් වගේ නිසා. (chuckle) බලමු ඉස්සරහට මොනව වෙයිද කියලා. ;)

සිංහල නම් මේකෙ ටයිප් කරන්න බුදු ගේමක් දෙන්න ඕනෙ, (whew)  පහන් අයියගෙ අදහසකට අනුව ඉසුරු එයාගෙ යාළුවෙක් හදපු අලුත් Firefox Add-on එකත් මැක් එකට දාන්න බෑ. ඒකෙ මැක් එකක් හැදුවොත් විජේසේකර ටයිපිං පුලුවන් වෙයි, දැනට UCSC එසැණින් පරිවර්තකය තමයි පාවිච්චිය. සිංහල Rendering නම් අකුරක-දෙකක අවුලක් ඇරෙන්න ඉතුරු ටික එළටම තියෙනවා. Apple ඉස්සරහට වත් සිංහල support එකක් නම් දෙයිඩ කියල සැකයි Original Mac පාවිච්චි කරන අය ලංකාවෙ අඩු නිසා. සිරාම මැක් use කරන කෙනෙක්ට කියල මම දන්නෙ  chathura88ව විතරයි, Wakoopa එකෙන් මාට්ටු උනේ..

Softwares ගැන මුකුත් කියන්න බැරි උනා, දැං නම් පෝස්ට් එක ඇති වගේ. |-(   හිතුනොත් softwares ගැන වෙනම පෝස්ට් එකක් දානව.. (nod)

අදට අපි කැපුනා එහෙනම්.

Good Bye වේවා.. (wave)

Leopard Desktop

click to zoom