Posts tagged Network
නෙට්වර්ක් ටයිම්-අවුට් !!!
Feb 4th
බ්ලොගය පටන් අරන් තවම දවස් දෙක තුනයි නෙ. තවම ඉතින් වටපිටාවෙ තියෙන එව්ව බල බල, එව්ව කොපි කර කර ඉන්න එක තමයි කරන්නෙ.
ඉතින් හැමෝම වගෙ මමත් බ්ලොගරුවන්ගේ සන්සදයට , යුනිකෝඩ් පරිවර්ථකයට එහෙමත් ලින්ක් දැම්ම කියලත් කියමුකො.
දැන් තමයි කතාව පටන් ගන්නේ,
“සිංහල ගන්න” කියල බැනර් එකක් එහෙමත් හොයාගෙන එහෙම ඒක (හොරකම කලත් ඒත ඒ විදිහට කරන්න එපැයි කියල) දාන්න කලින් siyabas.lk එකට ගිහින්ම බැලුවා සයිට් එක වැඩද කියලා
පිස්සු හැදෙනවනෙ..

ඇයි ඒකට එහෙම වෙලා තියෙන්නේ?
ලංකාවෙ සර්වර් වලට මේ ලෙඩේ ටිකක් වැඩියෙන් තියෙන බවයි මගේ හැඟීම නම්.
ලංකාවේ ඔය කියන සර්වර් තියෙන්නේ කොහෙද? මේ වගේ ලෙඩ වලට බේත් නැද්ද?
කොහොම වුනත් අද දවල් මම බලපු වෙලේ ඉඳලා මේ වෙනකන් නම් සයිට් එක වැඩ නෑ.
ඒකෙන් මේකෙන් වෙන්නෙ හදිස්සියකට එහෙම වැඩක් කරගන්න බැරිවෙන එක…



