Posts tagged Online Radio
අන්තර්ජාලයේ ඇසෙන සිංහල රේඩියෝ…
Mar 31st
අද ලංකාවෙ FM නාලිකා කීයක් කියල තියෙනවද? අපෝ මීටරේ කරකවන කරකවන තැන FM එකක්.
‘තවත් FM නම් එපා’ කියලා බෝඩ්ගහගෙන ඇවිත් තියෙන්නෙත් FM එකක්මයි. මට නම් ඔලුව විකාර වෙනවා තියෙන FM ගොඩ අහපුවහම
මම නම් මේ කියන්න යන්නෙ මීටරේ කරකවල අල්ලන Radio ගැන නෙමෙයි. මීටර් වෙනුවට URL පාවිච්චි කරන Radio (Web Radio) ගැන. මෙව්වා බොහොමයක්ම ලංකාවෙන් පිට ඉන්න ලාංකිකයන්ව ඉලක්ක කරගෙන විකාශය කරන ඒවා.
කෙටියෙන්ම කියනවනම් මේක මාර ‘කික්’
මොකද කියනව නම් මේ නාලිකා වල වෙළඳ දැන්වීම නෑ. (දැන්වීම් තියෙනවා. නමුත් සාපේක්ෂව ඉතා අඩුයි)
අනිත් එක මේව වල තොරතෝංචියක් නැතුව කෑ ගහන සෙට් එකකුත් නෑ – ඒක නිසාම කොල් කර කර සිංදු ඉල්ලන්නෙත් නෑ. සිංදු සිංදු සහ සිංදු විතරයි තියෙන්නෙ. ඒක නිසා එකක් tune (tune කිවුවට tune කරන්න දෙයක් නෑ ඉතින්
) කරගත්තහම පැලෙන්න සද්දෙ දාගෙන අහන්න පුළුවන් (ඔය කිවුවට පැලෙන්නෙ නෑ ඉතින්).
කොහොම හරි මේ තියෙන්නෙ මම කැමති channel කීපයක්. (මම අහන්නෙ 2~3යි. හැම එකක්ම අහන්න බෑනෙ
)..
J9 Radio (www.j9-radio.com)
ජපානයේ සිට විකාශය කරයි (අහන්න)
3 Sinhala Web Radio (www.3sinhala.com)
ඇ.එ.ජ. සිට විකාශය කරයි. (අහන්න)
Nilwala Radio (www.nilwalaradio.com)
ශ්රී ලංකාවේ සිට විකාශය කරයි (අහන්න)
Vinsada Radio (www.vinsada.com)
මේකත් ශ්රී ලංකාවෙන්ම තමයි (අහන්න).
තව Radio නම් ගොඩක් තියෙනවා. නමුත් කන් දෙකයිනෙ තියෙන්නෙ. ඒක නිසා මේ ටික වැඩිත් එක්ක.
තව මම ගාව තිබ්බ FM වල *.pls ගොනු වගයක් මෙතනින් බාගන්න…
මේ FM ඔක්කොම jetAudio (අවසන් අනුවාදය 7) වල හොඳට වැඩ.
jetAudio නැත්නම් පහත සබැඳුමෙන් බාගන්න.
jetAudio 7.0.0.3001Plus VX
(21MB)
ආ… තව දෙයක්, මේ නාලිකා CastRipper වලින් එළටම record කරගන්නත් පුළුවන්.



