සම්පත් නෙට්, සම්පත් බැංකුවෙ අන්තර්ජාල බැංකු සේවාව දැන් සෑහෙන කාලෙක ඉඳන් ක්‍රියාත්මක වෙන සේවාවක්. ටිකක් විතර පරණ පාට UI (User Interface) එකක් සහ එක විට ටැබ් දෙකක වැඩ කටයුතු කරන්න බැරි අවුල තදටම තිබුන පද්ධතියක් තමයි සම්පත් නෙට්. එක ටැබ් එකක එක පිටුවක් Open කරලා, තවත් පිටුවත් තව ටැබ් එකක් open කලොත් ටැබ් දෙකෙන් එකක Session එක destroy වෙලා..

අලුතින් හඳුන්වල දීල තියෙන “සම්පත් විශ්ව“ එකේ අර අවුල් නම් නෑ. UI එකත් ලස්සනයි, පහසුයි. බිල් ගෙවන පිටුව ගානට කැටගරි අනුව වර්ග කරලා තියෙන්නෙ,
තවත් දෙයක්, සම්පත් නෙට් ගිණුමක් පවත්වගෙන යනවට සම්පත් බැංකුව රු700 ගාණක් අය කලා, සම්පත් විශ්ව ගිණුමකට වාර්ෂික ගාස්තුව රු500ක් කියල තමයි සම්පත් වෙබ් අඩවියෙ කියල තියෙන්නෙ, වැදගත්ම අංගය තමයි ක්‍රෙඩිට් කාඩ් විස්තර ඉතා පැහැදිලිව හා විස්තරාත්මකව නව අඩවියෙ දක්වලා තියෙන එක, අපි නම් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියක් නෑ (ඇත්තම කියනව නම් කාඩ් එකක් ගන්න බැංකුවට පෙන්නන්න වත්කමක් නෑ
), අපි පාවිච්චි කරන්නෙ ඉතින් වෙබ් කාඩ් තමයි.. (ඔන්න වෙබ් කාඩ් පාවිච්චි කරන අයට බලාගන්න මාගල පිටින්ම දැම්මා ක්‍රෙඩිට් කාඩ් විස්තර පිටුව..)

ගෙවපු මුදල රුපියල් වලින්ම සහ ඩොලර් (හෝ වෙනත් ගෙවන ලද මුදල් ඒකකයෙන්) යන දෙකෙන්ම දක්වලා තියෙන එක ලොකු පහසුවක් (මොකද, කාට ගෙවුවද කියල මතක නෑ නෙ, කීයක් ගෙවුවද කියල විතරනෙ මතක)
සම්පත් නෙට් වල තිබුන අවුලක් සම්පත් විශ්ව එකෙත් එහෙම්මම තියෙනවා, ඒ තමයි Password එක අමතක උනොත් බඩු පැකට් වෙන එක.. ඒ කියන්නෙ, Password Reset Option එකක් මේකෙත් නෑ, Password Reset කරගන්න නම් බැංකුවට ගිහින් ලියුමක් දෙන්න වෙනවා Account Lock එක ඇරලා දෙන්න කියල හරි, අලුතින් password එකක් දෙන්න කියල හරි.. බැංකුවෙන් ලියුම Card Center එකට යවලා, ඒකෙන් කරන හරිය කරලා, ආපහු බැංකුවට අලුත් Password එක එවලා, බැංකුවෙන් අපිට ලියුමක් එවලා අපි ගිහින් Password එක ගන්නකොට කොහොමත් සති දෙක-තුනක් ගිහින්..
Online Password Reset කරගන්න පහසුතමක් නැති තරමට හොඳයි හැබැයි සල්ලි එක්ක ගණුදෙණු කරනකොට. ඒත් ලඟම සම්පත් බැංකු ශාඛාවට ගිහින් password reset කරගන්න පුළුවන් උනා නම් ඒ හොඳටම ඇති..
කොහොඹ උනත් සම්පත් නෙට් ගිණුමක් තියෙන අය අදම Migrate වෙන්න, වෙබ් කාඩ් පාවිච්චර කරන අය අලුත් ගිණුමත් පටන් ගත්තට පාඩු නෑ. වැඩි විස්තර සම්පත් බැංකු වෙබ් අඩවියෙන් : Sampath Vishwa ..


