2009 අවුරුද්දත් ඉවරයි.. මේ අවුරුද්ද මට ටිකක් Online පැත්තට බර වෙච්ච අවුරුද්දක්. ඒකට හේතුව Dial-up එක්ක කොට කොට හිටපු මම බෝඩ්බෑන්ඩ් (chuckle) ගත්ත එක.. ඉස්සෙල්ලම ගත්තෙ Dialog HSDPA එකක්. ඒක සෑහෙන්න වද දුන්න උනත්, ඒ වදේ හින්දම තමයි SLT ADSL ගන්න පෙළඹුනේ. ඒ වෙනකොට (Dial-up වලින්) බ්ලොග් කියව කියව විතරක් හිටපු මම Myblog.lk එකේ සිංහල අතුරු මුහුණත දැකල බිලොග් ලියන්නත් පෙළඹුනා. ඒ වෙනකොට සින්ඩිකේටරයක්, බ්ලොග් සංසදයක් තියෙනව කියලවත් දැනගෙන හිටියෙ නෑ. කොහොම කොහොම හරි Myblog එකේ හිටපු මට රුක්ෂාන් අයියගෙ ඔත්තුවකින් මටම කියල Domain එකක් ගන්න චෑන්ස් එකක් සෙට් උනා. අපේ ගම්පහ නගරාධිපතිතුමා තමයි බරපැන ඔක්කොම දැරුවෙ (bow) . Myblog එකේම ඩොමේන් මැප් කරල ටික දවසක් දුවල, පස්සෙ වෙන හොස්ට් එකකට මාරු කලා. මේ වෙද්දි හොස්ටිං දෙතුන්සැරයක්ම මාරු කරල තියෙන්නෙ..
(more…)
2009 December 29
Good Bye – 2009
2009 May 24
Wakoopa!!!
- Did you know people browse 7 times longer with Firefox than Internet Explorer? We do.
- Did you know games are played the least on tuesday and the most on sunday? We do.
- Did you know women spend twice as much time in Photoshop than men? We do..
.
මෙන්න නියම අයිටම් එකක්..
නම Wakoopa.
මේකෙන් කරන්නෙ අපි පාවිච්චි කරන මෘදුකාංග පිළිබඳ විස්තර Tracker එකක් මඟින්එකතු කරලා ඔවුන්ගේ අඩවියේ අපිට අදාල ගිණුමට යවන එක. සරලව කිවුවොත් Last.fm වගේ තමයි.
පසුව ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන් අපි පාවිච්චි කරන (ගිය සතියෙ පාවිච්චි කරපුවා, ගිය මාසෙ පාවිච්චි කරපුවා සහ අලුතෙන් පාවිච්චි කරපු) මෘදුකාංග පිළිබඳ විස්තර.
ඒ වගේම ඔවුන්ගෙ අඩවියෙන් ඒ ඒ මෘදුකාංග කොපමණ භාවිතා කරනවාද යන්නත් දැනගන්න පුළුවන්.
.

මෙහි අපි පෙර සතිය හා පෙර මාසය තුල භාවිතයන් List එකක් මඟින් හා Pie Chart එකක් මඟින් පෙන්වනවා. නවතම භාවිතයන් ද වෙනමම ලැයිස්තුවක දැක්වෙනවා..
.
අපගේ ක්‍රියාකාරිත්වය අනුව මෙහි ලකුණු පිරිනැමීමක් සිදුකරන අතර එමඟින් එක් එක් මට්ටම දක්වා උසස් කිරීමකුත් සිදුවෙනවා..

කතාව ඇති. පාවිච්චි කරලම බලන්නකෝ…
මෙන්න ලින්ක් එක Wakoopa.com
.සෙට් වෙනව නම් Sign-up වෙලා Tracker එක බාගන්න.
.
ආහ්! තව දෙයක්. මේකෙ යාළුවො Add කරගන්නත් පුළුවන්.
මෙන්න මගෙ Proflie එක http://wakoopa.com/gayantha
–
පසු සටහන: RAM භාවිතය…



