ඊයෙ හාඩ් එක පොඩි සුද්දයක් දැම්මා. එතකොට අහුවුනා බලන්නම කියල ඉඳල පස්සෙ මඟහැරිච්ච වීඩියෝ එකක්. ඒ තමයි “10 Years of Westlife – Live at Croke Park Stadium”…

Westlife කියන්නෙ අයිරිෂ් ජාතිකයින් පිරිසකගෙන් සැදුම් ලත් සංගීත කණ්ඩායමක්. එම නිසාම විය හැකියි ඔවුන් තම දස වෙනි වසර තම රටේදීම, එනම් අයර්ලන්තයේ, ඩබ්ලින් නුවර, Croke Park ත්‍රීඩාංගනයේදීම සැමරුවේ. කෙසේ හෝ මෙම ප්‍රසංගයට 85,000කට අධික අති විශාල ප්‍රේක්ෂක සහභාගිත්වක් තිබූ බවයි සඳහන් වෙන්නෙ
(ප්‍රසංගයට සහභාගි වූවන්ගේ අදහස් )
මෙහිදි මම දැක්ක විශේෂත්වයක් තමයි ඔවුන් 100%ක්ම සජීවී ලෙස ප්‍රසංගය ඉදිරිපත් කිරීම. ඔවුන් තම කටහඬ සඳහා තබා සංගීතය සඳහා වත් කලින් කල පටිගත කිරීම යොදාගත් බවක් නම් පෙනෙන්නට නැහැ…
ගීතය මුළුමනින්ම වාදනය කොට රසිකයින් රැවටීම සඳහා රැඟුම් පමණක් ඉදිරිපත් කිරීම ජයටම සිදුකරන ලාංකික සංගීත කණ්ඩායම් වලට( සෑම කණ්ඩායමක්ම ඒ වගේ කියනව නෙමෙයි මේ) මෙම යුරෝපීය POP සංගීත කණ්ඩායම දෙන්නේ කදිම ආදර්ශයක්…

ඔබත් Weatlife රසිකයෙක් නම් මෙය අනිවාර්යයෙන්ම නරඹලා ඇති. නැත්නම් Torrentමඟින් හා RapidShareමඟින් යන ක්‍රම දෙක ඔස්සේ බාගත කරගැනීමට තියෙනවා. (සල්ලි දීල DVD එකක්ම ගන්නව නම් ඒක වෙනම කතාවක්
)
රසිකයෙක් උනත් නැතත් පහත දැක්වෙන සබැඳුමේ ඇති වීඩියොව නරඹන්න කියල මම ඉල්ලීමක් කරනවා. මෙය එම සජීවී ප්‍රසංගයෙන් කපල ගත්ත එකක්. මෙහි file size එක මෙගා බයිට් 23.6 යි. FileDen වල දාල තියෙන නිසා බාගන්න එක ප්‍රශ්නයක් නෑ.
Westlife – Swear it Again
or type ‘ http://bit.ly/c57e ‘
size – 23.6MB on FileDen.com
අන්තිමටම කියන්න තියෙන්නෙත් කලින් කියපු කතාවම තමයි…
“එහෙ ඉන්න උන්ට පුළුවන් නම් තමන්ගෙ කට හඬින් සජීවී සංගීතෙට සිංදු කියන්න, ඇයි මෙහෙ ඉන්න උන්ට බැරි ??? “


